@Capt. Harsha Koralearachchi  ගුවන් නියමු උපදේශකවරයෙකි. කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ කපිතාන් හර්ෂ ලෝකයේ අද්විතීය රටක් ලෙස අප රට හඳුන්වන්නේ මෙරට වගා කරනු ලබන බෝග වගාවන් හේතුවෙනි. වසර ගණනාවක්  ඉහළ අහසේ පියාසර කළ කපිතාන් හර්ෂ මේ මහ පොළොවේ වගාවන් ගැන මුළු ලෝකයටම පවසන්නේ ගුරුත්වාකර්ෂණ බලයද සම්බන්ධ කර ගනිමිනි.

ලෝකයේ හොඳම කුළුබඩු තියෙන්නේ ලංකාවේයි. විශේෂයෙන් එනසාල්, කුරුඳු පොතු වැනි කුළුබඩු ඇත්තේ ලංකාවේයි. ගුරුත්වාකර්ෂණය අඩු ප්‍රදේශවල වැවෙන ශාකවලින් ලැබෙන ඵලදාව ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළයි. ඒ ඵලදාව වෙනත් රටක වැවෙන පලදාවට සමකරන්න බැහැ. කපිතාන් හර්ෂ ගෝවින්ද දේශයට අදහස් දක්වමින් පැවසීය.

2010 වසරේදී කපිතාන් හර්ෂ ගෝවින්ද ආහාර දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී ජාතික ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකළේය. 

ශාකයක සෛලවලින් ඉහළට ගෙන යන ඛණිජලවණ සියල්ලම ගුරුත්වාකර්ෂණයට නතු වෙනවා. යුරෝපා රටවල ගුරුත්වාකර්ෂණ බලය පවතින්නේ වැඩි අගයකයි. එවැනි රටවල වගා කෙරෙන ශාකවල මුල් හරහා ඇතිවන ඛනිජලවණ ප්‍රමාණය ගුරුත්වාකර්ෂණය අඩු රටවල වගාවන ශාකවල පවතින ඛනිජලවණ ප්‍රමාණයට සාපේක්ෂව අඩු අගයක තමයි පවතින්නේ. මේ නිසා යුරෝපා රටවලට සාපේක්ෂව අප රටේ වැවෙන ශාකවලින් ගුණාත්මකභාවයෙන් වැඩි ඵලදාවක් ලබාගත හැකි බවට කරනු ලබන පර් යේෂණවලින් සනාථ වෙලා තියෙනවා.

එම නිසා ශ්‍රී ලංකාවේ වැවෙන වගාවන්වල ඇති ඉහළ ගුණාත්මකභාවය පිළිබඳ දැනුම මීට වඩා ඉහළ මට්ටමකින් ලෝකයා වෙත ගෙන යා යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය. අපේ දේශීය දේ තුළ ඇති ගුණාත්මකභාවයන් පිළිබඳව ඇතැමුන් තුළ ඇත්තේ අඩු තක්සේරුවක් වීම ඊට හේතුවයි.

අඩු ගුරුත්වාකර්ෂණයක් ඇති රටක තැඹිලි ගසක, පොල් ගසක ඇතිවන ඵලදාව ඉතා ඉහළය. පොල් ගස් පහළ සිට ඉහළට ගෙන යන ඛනිජ ලවණ නිසාවෙන් ඵලදාව වැඩිවේ. මේ නිසාම ශ්‍රී ලංකාවේ වැවෙන තැඹිලිවලට විදෙස් රටවලින් ඉතා ඉහළ ඉල්ලුමක් මේ වනවිටත් පවතී.

&අපි සිටින්නේ ඉතා සාර්ථක, සාරවත් පොළොවකයි. අපි මේ හිටගෙන ඉන්නේ නිධානයක් උඩයි. නමුත් ඒක ගැන අවබෝධයක් නැතිකම නිසාම අපේ රටේ කෘෂි නිෂ්පාදනය පිළිබඳව අඩු තක්සේරුවෙන් තමයි බොහෝ දෙනා හිතන්නේ. ලෝකයේ කිසිම රටකට අපේ මහ පොළොව සම කරන්න බැහැ. ගුරුත්වාකර්ෂණය අඩුම රටක් වුණු ශ්‍රී ලංකාවෙන් ලැබිය හැකි ඉහළ ඵලදාවක් තවමත් අපි ලබාගෙන නැහැ.

කපිතාන් හර්ෂ ගෝවින්ද පවසන පරිදි රේඩාර් පද්ධතියට අසු නොවෙන ගුවන් යානා පින්තාරු කිරීම සඳහා යොදාගනු ලබන තීන්ත නිෂ්පාදනය කරනු ලබන්නේ හලාවත ප්‍රදේශයේ වැවෙන කජුවල ලෙල්ලෙන් ගනු ලබන තෙල්වලිනි. ලෝකයේ අනෙකුත් රටවල තිබෙන ඒවාට වඩා මෙහි ඛනිජ ලවණ ප්‍රමාණය වැඩි බවත් ලෝකයේ හොඳම ජලයද ලංකාවේ පවතින බවත් ඔහු කියයි.

කපිතාන් හර්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රියාන්විත හෙලිකොප්ටර් ගුවන් නියමුවකු ලෙස වසර දහයකට අධික කාලයක් සේවය කර ඇති අතර දැනට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රලාභී ගුවන් නියමු උපදේශකවරයකු ලෙස සහ බලපත්‍රලාභී ගුවන් නියමුවෙක් ලෙසද කටයුතු කරයි.  යුරෝපා ගුවන් ආරක්ෂක සංගමයෙහිද (EASA) අනුමත ගුවන් නියමු උපදේශකවරයකු වන ඔහු ශ්‍රී ලාංකික සහ විදේශීය සිසුන්ටද ගුවන් යානා සහ හෙලිකොප්ටර් සම්බන්ධ වෘත්තීය දැනුම ලබාදේ. වෘත්තීය දැනුමත් සමඟ ලොව ගුරුත්වාකර්ෂණය අඩුම අග්‍රගණ්‍ය ගුවන්තොටුපොළවල් ශ්‍රී ලංකාවේ ඇති බවද ඔහු සොයාගෙන ඇත.

ගුරුත්වාකර්ෂණ බලය අනුව සලකා බැලුවොත් ලෝකයේ හොඳම ගුවන්තොටුපළවල් අපේ රටේ තිබෙනවා. ඒ ගැන මම හොයාගෙන ඉවරයි. ගුවන් යානයක් ඉහළට යැවීම සහ බැස්සවීමට ගතවන කාලය සහ ඊට වැයවෙන ඉන්ධන ප්‍රමාණය අඩුවීම ඒකට හොඳ නිදසුනක් වෙනවා. නමුත් මේ සම්බන්ධව අපි ලෝකයට කතා කරන්නේ නැහැ.

මුළු ලෝකයම ඉතා අසීරු අවස්ථාවක අද ජීවත් වෙනවා. බොහෝ රටවල්වල ආර්ථිකය ලොකු ගැටලුවකට මුහුණ දීලයි තියෙන්නේ. අපේ ආර්ථිකය ගොඩගන්න හොඳම අවස්ථාවයි මේ. අපේ කෘෂි නිෂ්පාදනවලට වැඩි තැනක් ලබාදී ඒවා ලෝකයට අලෙවි කිරීමෙන් ඉතා සාර්ථක ගමනක් යන්නට අපිට පුළුවන් වේවි. අඩුම ගුරුත්වාකර්ෂණය තියෙන ප්‍රදේශයක වැවෙන මේ ගුණාත්මකභාවයෙන් ඉහළ කෘෂි නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් ලැබෙන බව මට විශ්වාසයි.* යැයි කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරළේආරච්චි වැඩිදුරටත් පැවසීය.

Source - Deshaya